
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා මූලික පියවර ගනිමින් සිටින බව අගමැති හරිනි අමරසූරිය මහත්මිය අද (ජූලි 25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ ධුර කාලය අවසන් වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවයි.




