
හැටන් නගරයේ දෛනිකව නගර සභාව විසින් බැහැර කරන කැලි කසල වලින් කොටසක් මහවැලි ගගට හැටන් සිට ප්‍රධාන වශයෙන් ගලා බසිනා හැටන්ඔයට හැටන් දික්ඔය නගර සභවේ සෞඛ්‍ය අංශයේ ඇතැම් සේවකයින් විසින් ඉතා සූක්ෂම ලෙස බැහැර කරන බව ප්‍රදේශවාසීන් කියා සිටියි.
හැටන් මල්ලිඅප්පු මංසන්ධිය ආසන්නයේ ගලා බසින හැටන් ඔයට විශාල වශයෙන් කැලි කසල බැහැර කරන නිසා පරිසර ගැටළු රැසක් මතු වී ඇති බවයි හැටන් මල්ලිඅප්පු ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.
හැටන්ඔයේ ජලය මහවැලි ගගට නාවලපිටිය ප්‍රදේශයෙන් එක්වන තෙක් එම ඔය ගලා බසින හැටන්, ගිනිගත්හේන, නාවලපිටිය යන ප්‍රදේශවල ඔය දෙපස පදිංචිකරුව්න විශාල පිරිසක් දෛනික කටයුතුවලට හැටන්ඔයේ ජලය පරිහරණය කරනු ලබයි.
හැටන් දික්ඔය නගර සභාවට කැලි කසල බැහැර කිරිම සදහා නිසි ඉඩමක් නොමැති වීම හමුවේ නගර සභා සීමාවේ දෛනිකව එකතුවන කැලි කසල හැටන් දික්ඔය නගර සභාවට අයත් ගිනිගෙන විනාශ වි ඇති තානායම් ඉඩමේ සහ තානයම් ගොඩනැගිල්ල තුලට බැහැර කරන අතර, හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ කැලි කසල නගර සභාවේ ඇතැම් සේවකයින් විසින් හැටන් ඔයට මුදා හරින බවයි මල්ලිඅප්පු ප්‍රදේශවාසීන් කියා සිටියේ.




