
අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ තමන්ට මරණ තර්ජන කළේයැයි පවසමින් අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අගෝස්තු 06 දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණි.
ඒ රාගම පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනමින් සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මහර මහෙස්‍ර්තාත්වරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.
ඔහුට ආරක්ෂාව ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවට මේවන විට තොරතුරු හෙළිවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.




