
අසූචි වලක් දැක්කාම ඉහ ගෙන කන යූටියුබ්කරුවන් කීපදෙනෙකු සිටිනා බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කරයි.
ආණ්ඩුව කරන කිසිදු හොඳ වැඩක් ඔවුනට පෙනෙන්නේ නැති බවද හෙතෙම කියා සිටියි.
යූ ටියුබ් කාරයන් හැම දෙනාම නොව කිහිපදෙනෙකු කිසිදු හොඳ වැඩකට කටක් අරින්නේ නැති බවටද ඔහු චෝදනා කරයි.
අසූචි කනයූටියුබ් කරුවන්ට අවශ්‍ය ලෙස තම ගමන වෙනස් කිරීමට නොහැකි බව ආණ්ඩු යන ගමන ඉදිරියට යන බවත් හෙතෙම ගාල්ලේදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.




