
නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගිෂ්වර බණ්ඩාර මහතා හා කොළඹ දිසා සභාවේ ලේකම් හිටපු නාගරික මන්ත්‍රී විකුම් කිත්සිරි මහතා, දෙහිවල ආසනයේ සම සංවිධායක අජන්ත ද සිල්වා මහතා අද දින මහරගම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි විය.
එහිදි පක්ෂ නායක සුගිෂ්වර බණ්ඩාර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ කතානායකතුමාගේ නිල නිවස පාර්ලිමේන්තු පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තීරණය කර ඇති බවය.
නව ජනතා පෙරමුණ විදිහට පසුගිය ජුලි මස 3 වනිදා මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් කථානායකතුමන් සිදුකරන වංචා දුෂණ අක්‍රමිකතා හා රාජ්‍ය දේපල අවබාවිතාව ගැන රටට කරණු හෙලි කලා. ඒවගේම අදට මාසයකට කලින් එනම් ජුලි මස 04 වන දින එම දුෂණ අක්‍රමිකතා ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කලා. හැබැයි දැඩි ක්‍රියා කාරිව මේ දිනවල පසුගිය රජයේ බෝඩ් බෙදපුවා,ඇට බෙදපුවා,අල බෙදපුවා,ගැන හොයන අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ රංග දිසානායක මහතාට මාසයක් ගියත් අපි තොරතුරු ඉදිරිපත් කර තිබියදීත් අද වනතුරු කිසිම ක්‍රියාමාර්ගයක් මේ සම්බන්ධව අරගෙන නැ. අපි කියන්නේ පසුගිය කාලේ කරපු හොරකම් දූෂණ වංචා දුෂණ හොයන එක හොඳයි. ඒක කරන්න ඕන. ඒ වගේම අපි සාක්ෂී ඇතිව ඉදිරිපත් කරන මේ ජාතික ජන බල වේග ආණ්ඩුවේ නිළධාරින් සම්බන්ධ පැමිණිලි සම්බන්ධයෙන් ද කඩිසරව නිතිමය ක්‍රියා මාර්ග ගන්න කියලා.
අප විසින් කරුණු හෙළි දරව් කිරීමෙන් පසුව කතානායකතුමාගේ පාර්ශවයෙන් මාධ්‍ය නිවේදනයක් ජුලි මස 06 වන දින නිකුත් කරමින් අප විසින් යොමු කල චෝදනා නීත්‍යානුකූල රාමුව තුල පැහැදිලි කරමින් ලොරිස් නිවාස සංකීර්ණයේ 1/8 ක නිවාසයේ සිටින බවත් පෞද්ගලික ලේකම් තුමාද එහි රැදි සිටිමින් ආහාර ගන්නා බවත් ඒ සඳහා ගෙවීම් කරන බවත් භාවිතා කරනු ලබන වාහන සඳහා ඉන්දන ලබා ගන්නා බවත් අපි විසින් ඉදිරිපත් කල පරිදි වාහන 03 ක් භාවිතා කරන බවත් පිලිගන්නා ලදී.
ඉන්පසු පසුගිය ජුලි මාසයේ 09 වනිදා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරින්ගෙන් තොරතුරු දැනගැනිමේ පනත යටතේ කථානායක වරයා භාවිතා කරන වාහන ,ඉන්දන,නිවාස,ආහාර ආදිය පිලිබඳව තොරතුරු ඉල්ලුවත් අද වනතුරු එම තොරතුරු අපිට ලබා දී නෑ. අපිට තොරතුරු ලැබිලා තියෙන විදිහට කථානායකවරයා විසින් එම තොරතුරු ලබා දෙන්න එපා කියලා එම නිළධාරින්ට බලපෑම් කලනිසා මාස පෝයක් ගෙවී ගියත් අපිට එම තොරතුරු ලබා දීලා නෑ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමා මේ චෝදනාවලට නිවැරදි කරු නම් ඇයි එම තොරතුරු රටට හෙලිකරන්න මෙච්චර බය වෙන්නේ. තමන් පාවිව්වි කරන වාහන, තෙල් ගහන විදිහ,ඉන්න ගෙදර,කන බොන විදිහ රටට කියන්න බය වෙන්න ඕන නෑනේ.
මේ කල්මැරීමෙන් අපට තේරෙන්නේ එතුමා විසින් මේ චෝදනා සිදු කර තිබෙන දූෂණ,අක්‍රමිකතා හා අවභාවිතාවන් සිදු කර ඇති බව හා සිදු කරමින් සිටින බවයි.
එමෙන්ම තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපතිතුමා තවම පත් කර නෑ. මෙතුමලා මේ තුලින් උත්සහා කරන්නේ තොරතුරු දැනගැනිමේ කොමිෂන් සභාව ස්වභාවික මරණයකට ලක් කරමින් රටේ සත්‍ය තොරතුරු මහජනතාවට දැන ගැනීම වැලැක්වීමටය.
මේ චෝදනාව සම්බන්ධයෙන් පැලවත්තේ ලොකු අයියා වන ටිල්වින් සිල්වා මහත්තයාට තරහා ගිහින් කතානායකවරයාට ලොරිස් නිවාස සංකීර්ණයේ තම පෞද්ගලික ලේකම් තියාගෙන ඉන්නේ ඇයි කියලා බැන වැදි ඇති බව තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ.
පසුගිය අගෝස්තු මස 01 වන දින කතානායකතුමාගේ සන්නිවේදන අධ්‍යක්ෂක (වැඩබලන ) රටටම හෙලි කරනවා රජමල්වත්තේ කතානායකතුමාගේ නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරනවා කියලා. මේ තීන්දුව ගත් බව ප්‍රකාශ කරන්නේ අපි විසින් සිදු කල චෝදනාවලින් පසුව හා පැලවත්තේ ටිල්වින් සහෝදරයා විසින් සිදු කල බැන වැදිමෙන් පසුවය.
කතානායකතුමන්ගෙන් අපි නැවත ප්‍රශ්න කිහිපයක් අහන්න කැමති. එනම්,
කතානායකවරයාගේ නිල නිවස ආයතන සංග්‍රහය අනුව උප ලේඛනගතව පවතින නිල නිවසකි. ආයතන සංග්‍රහයේ 18 වැනි පරිච්ජේදය තුල එය මැනවින් පැහැදිලිව සටහන් කරලා තියෙනවා.
එවැනි නිල නිවසක් වෙනත් කටයුත්තකට යොදා ගැනිමට නම් ආයතන සංග්‍රහය සංශෝදනය කල යුතුය. ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතුය. මෙය වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ නිවස නොව මෙය කතානායකතුමාගේ නිල නිවසයි. තව වෙසක් පෝය දෙකකින් ගෙදර යන මේ ආණ්ඩුවෙන් පසු එන කතානායකතුමාට නතර වෙන්න වෙන්නේ වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ගෙදර තමයි. එලෙස කතානායකතුමාගේ නිල නිවස කාටවත් අවශ්‍ය පරිදි එක එක කාරණා සඳහා වෙන් කරන්න බෑ. මෙය ජගත් වික්‍රමරත්න මහතාගේ නිවස නොව මෙරට කතානායකවරයාගේ නිල නිවසයි . ඒ ගැන තීරණ ගැනීමට ජගත් වික්‍රමරත්න මහතාට නොහැක එලෙස වෙනත් කටයුත්තකට යොදවන්නේ නම් ආයතන සංග්‍රහය වෙනස් කල යුතුයි. නැතිනම් කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබා ගත යුතුයි. නමුත් කිසිදු එවැනි නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාවේ දී කතා කර එම නිල නිවස පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරන්න තිරණය කරලා. කතානායක නිල නිවස ගැන තීරණ ගැනීමට නම් කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබා ගත යුතුයි. එම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව ස්ථාපනය කර ඇත්තේ 1953 අංක 9 දරණ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත යටතේය. එම පනතින් බලය ලබා දී ඇත්තේ කාර්ය මණ්ඩලය බදවා ගැනීම , ඔවුනේ වැටුප් හා දීමනා ගෙවීම හා විනය පාලනය සම්බන්ධයෙන් පමණයි බලය ලබා දී ඇත්තේ. කරුණාකර හොදින් මේ පනත කියවන්න කියලා අපි කියන්න කැමති. රටේ තුන්වන පුරවැසියා විදිහට මෙන්ම ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා විදිහට කතානායකතුමන්ට කියන්න කැමති අපි රටට බොරු තොරතුරු සපයන්නේ නැතිව ඔය තනතුරේ ගරුත්වය රැක ගනිමින් සදාචාර සම්පන්න ලෙස කටයුතු කරන්න කියලා. නිල නිවාස දෙකක් භාවිතා කිරීම ගැන කතානායකතුමාට අපි එල්ල කල චෝදනාව නිසා තමයි හදිසියේ මෙවැනි තිරණයක් කතානායකතුමන් විසින් අරන් තියෙන්නේ.
මේ වෙනකක් කතානායක නිල නිවස තුල උපදේශන කාරක සභා රැස්වීම් පැවැත් වුවා,අධිකරණ අමාත්‍යාංශයේ නිළධාරි හමු පැවැත්වුවා,රාජතාන්ත්‍රික හමු පැවැත්වුවා පසුගිය අගෝස්තු 01 වනිදා දක්වා කතානායකතුමා මේ නිවාස දෙකම බාවිතා කලා. ඒ නිසා කතානායකතුමා දැන දැනම රාජ්‍ය දේපල අව භාවිතා කරලා තියෙනවා.
තමා පාර්ලිමේන්තු නිල නිවසේ පදිංචි නොමැති බව කතානායකතුමා කියනවා. එසේ නම් ඇයි නිල නිවසට තම පෞද්ගලික කාර්ය මණ්ඩලය පත් කරලා තියෙන්නේ. රැස්වීම් භෝජන සංග්‍රහා එහි පවත් වලා තියෙන්නේ. තවද ලොරිස් නිල නිවසට අවශ්‍ය බෙඩ්ශිට් , කොට්ට උර ,ගෑරුප්පු හැදි සියල්ල පාර්ලිමේන්තු නිල නිවසින් තමයි ලබාගෙන තියෙන්නේ. මේ පිළිබඳව ඔහු ලැජ්ජ විය යුතුයි.මෙයටද පුනරුද ආණ්ඩුවට බලය දුන්නේ කියලා අපි අහන්න කැමති.
ආයතන සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 4වන වගන්තිය අනුව කියනවා එකවර ගෙවල් දෙකක් තබා ගැනිම සම්පුර්ණයෙන්ම නීතිවිරෝධී බව. එය පොදු දේපල අයථා පරීහරණයකි. පොදු දේපල පනත යටතේ ඇප ලබා නොදිය යුතු වරදකි. අල්ලස් පනත යටතේ ඇප නොදන වරදකි. දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණයකි. එසේනම් කතානායක වරයා ලොරිස් පටුමගෙන් තවත් නිවසක් ලබා ගැනීම හා කතානායක නිල නිවස භාවිතා කිරිම දඩුවම් ලැබිය හැකි වරදකි.
එසේනම් ශානි අබේසේකර මැතිතුමනි,රවී සෙනවිරත්න මැතිතුමනි,රංග දිසානායක මැතිතුමනි, ආයතන සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 4වන වගන්තිය හොදින් කියවලා බලා එකවර නිවාස දෙකක් තබා ගැනීම සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වහාම අත්අඩංගුවට ගත යුතුයි.
නමුත් අපි දන්නවා පුනරුද ආණ්ඩුව වෙනුවෙන් යොමු කරන පැමිණිලි සඳහා ගන්නා ක්‍රියාමාර්ග බාල ගිරි දෝෂය වගේ. අද නොවේ හෙට.
තවද ආයතන සංග්‍රයේ 19 වන පරිච්ඡේදයේ 5.4 අනුව අඹු සැමි යුවලක් රජයේ නිල නිවසක පදිංචි වී සිටී නම් දෙදෙනාගෙන්ම කුලි අය කල යුතුයි. එසේත් නැතිනම් 5.5 වගන්තිය අනුව හවුලේ පදිංචි නම් හවුල් කරුගෙන්ද කුලි අයකල යුතුයි කියලා. අපිට තියෙන ගැටළුව තමයි කතානායක වරයා තම පෞද්ගලික ලේකම් සමග මෙම නිවසේ පදිංචිව සිටින්නේ කුමන පදනමින්ද කියලා අහන්න කැමති. ලොරිස් පටුමගේ පදිංචි ව සිටින්නේ අඹුසැමියන් ලෙසද , එසේත් නැතිනම් හවුල්කරුවන් ලෙසද ? අපිට ලැබි ඇති තොරතුරු අනුව කතානායකතුමාගේ පෞද්ගලික ලේකම්තුමාගේ වැටුපෙන් එක රුපියලක් වත් ලොරිස් මහල් නිවාස සංකිර්ණයේ 1/8 නිවාසය සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශයට අයත් වන්නේ නෑ. කතානායකතුමා මේ සඳහා ගෙවීම් කරන බව බොහෝම පැහැදිලිව මාධ්‍යට ඉදිරිපත් කල ලිපියේ තියෙනවා.
ඒ අනුව කතානායකතුමා තම නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්කරන්න තීරණය කලේ කතානායකවරයා විසින් හුදු තම වරද වසා ගැනීමට කරන ලද නිර්ලජ්ජිත උත්සහයක් බව පැහැදිලියි. මේ අනුව අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මොහුව අත්අඩංගුවට ගැනීම සිදු කල හැකයි..




