
රට පුරා කර්මාන්තශාලා 19ක් අලුතෙන් ආරම්භ කරන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
සදාකාලික විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හරියට දොස්තර හොඳ හිත කාටුනයේ වව් චව් වගේ හැමදේටම නෑ බෑ කියන එක තමයි කරන්න. ජනතාව කියන්නේ සජිත් විපක්ෂයේ සිටින තුරු මාලිමාව හැමදාම ආණ්ඩුවේ සිටින බවයි.
අප මේ වන විට දිවයින පුරා කර්මාන්ත පුර රැසක වැඩ අරඹා තිබෙනවා. දිවයින පුරා කර්මාන්තපුර19 ක් අලුතින් ආරම්භ කරනවා.
මේවායින් දහස් ගණනක රැතියා අපේක්ෂා කරනවා. වගා නොකරන, සංචාරක කර්මාන්තයට හෝ විනෝදාත්මක කටයුතු සඳහා යොදා නොගන්නා කර්මාන්ත සඳහා උචිත ඉඩම් ලැයිස්තු ලබා දෙන ලෙස අප දිසාපතිවරුන්ට දැනුම් දී තිබෙනවා. කර්මාන්ත සඳහා උචිත හැම ඉඩමක්ම අපි කර්මාන්ත සඳහා යොදා ගන්නවා.
ලංකා සිතියමේ ඇඟිල්ලක් ගහන්න බැරි තරමට ඉඩම් ඛනිජ සම්පත් ගවේෂණ සඳහා දීලා. දැනට කොම්පැනි 58ක් ගවේෂණ බලපත්‍ර ලබාගෙන තියෙනවා. නමුත් මුකුත් කරලා නැහැ. වැඩකට නැති බලපත්‍ර අවලංගු කරන්නට අප කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්නවා. රට වටේටම ඛනිජ සම්පත් තියෙනවා. මේ රට ඒවායින් දියුණු කරන්න පුළුවන්.




