
සබරගමුව හිටපු පළාත් ආණ්ඩුකාරවරයා දිවයිනෙන් බැහැරව සිටි කලයෙදී වර්ෂයේදී) පෞද්ගලික ලේකම්වරිය ඔහුගේ ඉන්ධන දීමනාවවූ රුපියල් 725,000 ක මුදලක් වංචනිකව ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අප සමග එකතුවන්න මෙම මුදල් හිටපු ආණ්ඩුකාරවරයාගෙන් අය කරගන්නා ලෙස කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එසේම මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හිටපු ආණ්ඩුකාරවරයා කෝපා කමිටුව හමුවට කැඳවීමටද තීරණය කර ඇත.




