
නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසන්නේ වත්මන් රජය වසර පහකට පමණක් බලයට පැමිණි රජයක් නොවන බවත්, ඉදිරියේදී තවත් දීර්ඝ කාලයක් මෙරට පාලනය කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
මහජන කැමැත්තෙන් සහ ප්රජාතන්ත්රවාදී ඡන්දයෙන් තේරී පත්වූ මෙම රජය, ඉදිරි වසර පහ, දහය පමණක් නොව තවත් බොහෝ කාලයක් රට පාලනය කරන බව ඔහු පැවසීය.

මෙම අදහස් පළ කරනු ලැබුවේ උත්සව සභාවක් අමතමිනි.
රටේ සැබෑ සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් සිදුවන්නේ වසර 10-15 කට පසුව බවත්, දැනට එය ආරම්භ වී ඇති බව පමණක් සඳහන් කළ ඔහු, මෙය සංක්‍රාන්ති සමයක් බවද අවධාරණය කළේය.
මෙම සංක්‍රාන්ති සමයට බිය වූ පුද්ගලයන් සහ පාලකයන් විසින්, ලෝකයේ දැවැන්ත සමාජ, කාර්මික සහ තාක්ෂණික විප්ලවයන් සිදුවන විට, ශ්‍රී ලංකාව වසර 76ක් පුරා අඳුරු යුගයක තැබූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.




