
ඌව පළාත් සභාවේ හිටපු මැති ඇමතිවරු ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ සුඛෝපභෝගිභෝගී වාහන විකිණීමට ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මූල්‍ය කාර්යාලය පියවර ගෙන ඇත.
මෙම වාහන නඩත්තු කිරීමට සහ ඉන්ධන සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බැවින් මෙලෙස වාහන විකිණීමට පියවර ගෙන තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වාහන විකිණීමට මෙසේ පියවර ගෙන ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ සඳහා ලංසු කැඳවා ඇති අතර අගෝස්තු 25 පෙ.ව. 10.30 ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන ගැණුම්කරුවන්ට වාහන විකිණීමට නියමිතය.
වාහන පරීක්ෂා කර මිලදී ගැනීමට කැමති අය ආපසු නොගෙවන රුපියල් තුන්දහසක මුදලක් ගෙවා ලදු පතක් ලබාගැනීමෙන් පසුව වාහන පරීක්ෂා කර මිලදී ගන්නා මුදල පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මූල්‍ය කාර්යාලයට ඉදිරිපත් කළ හැක.




