
විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ලබන සතියේ සිට දැඩි විරෝධතාවක් ආරම්භ කිරීමට තමන් සූදානම් වන බවයි.
මෙම තීරණය සම්බන්ධයෙන් එකමුතුව විසින් ජාත්‍යන්තර සංවිධාන කිහිපයකට සහ අසල්වැසි ඉන්දීය රජයට පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඒ අතරට ජිනීවා මානව හිමිකම් සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ යුරෝපා පාර්ලිමේන්තු සංගමය ද වේ.
මීට අමතරව, විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා පසුගිය සතියේ දී ලිපියක් ද යොමු කර තිබේ.
මේ අතර, විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ තීරණය ක්‍රියාත්මක වුවහොත්, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් තම විශ්‍රාම වැටුප් ඉල්ලා අධිකරණයට යෑමට තීරණය කර ඇත.
විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා මෙම තීරණය “ප්රජාතන්ත්රවාදයට එල්ල කරන මරු පහරක්” ලෙස හඳුන්වා දී ඇත. එසේම, මෙම තීරණයට පසුව රජය රාජ්‍ය සේවකයන්ගේ වරප්‍රසාද සඳහා ද අත තැබීමට ඉඩ ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




