
හරක් කටා නමැති පාතාල නායකයා අධිකරණය වෙත රැගෙන එද්දී මාධ්‍යවේදියකු ලෙස වෙස්වලාගත් පාතාල කුලී ඝාතකයකු යොදවා ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් කෙහෙල්බද්දර පද්මේ ප්රමුඛ පාතාල කල්ලිය විසින් සකස් කරගෙන සිටි බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය සිදු කළ විමර්ශනයකදී හෙළි වී ඇත.
කෙහෙල්බද්දර පද්මේගේ පාතාල කල්ලියේ න්‍යායාචාර්ය ලෙස හඳුන්වන ‘ගම්පහ පස් දේවා’ නමැති පාතාල ප්රබලයාගෙන් ප්‍රශ්න කිරීමේදී මේ පිළිබඳ තොරතුරු හෙළිවී තිබිණි.
ඒ අනුව ඉකුත් සතියේ හරක් කටා නඩු විභාගයක් සඳහා අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේ ඔහුට ලබාදී තිබූ ආරක්ෂාව දෙගුණ කිරීමට පොලිසිය පියවර ගත්තේය.
මේ සම්බන්ධයෙන් දේවාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙන බව ද අපරාධ කොට්ඨාසය පවසයි.

ගනේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා අධිකරණ ශාලාව තුළදී ඝාතනය කිරීමට නීතිඥයකුගේ වෙස්ගත් පාතාල කුලී ඝාතකයකු යොදවනු ලැබුවේ ද කෙහෙල්බද්දර පත්මේ සහ කොමාන්ඩෝ සලින්ත විසින්ය.
හරක් කටා අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේ ඔහු ආසන්නයට යෑමට මාධ්‍යවේදීන්ට ඉඩකඩ ලැබෙන නිසාත් මාධ්‍යවේදීන් පරීක්ෂාවකට ලක් නොවන නිසාත් මෙම ප්‍රහාරය සඳහා මාධ්‍යවේදියකු ලෙස වෙස්වලාගත් පාතාල කුලී ඝාතකයකු යෙදවීමට මෙම පාතාල නායකයන්ගේ සැලසුම වී තිබූ බවට තොරතුරු මේ වනවිට හෙළිවෙමින් තිබෙයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, අපරාධ කෙට්ඨාසයේ අධ්යක්ෂ රොහාන් ඕලුගල යන මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.




