විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගයේ ප්රගතිශීලී කණ්ඩායම් සමඟ එක්ව නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
“සුප්‍රීම්සැට් නාට්‍යයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව දෙකඩවී ඇති බව පේනවා. අවශ්‍යතාවයක් ඇති වුවහොත් ආණ්ඩුවේ ප්රගතිශීලී කණ්ඩායම් සමඟ එක්ව නව පාලනයක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම්,” මන්ත්‍රීවරයා සඳහන් කරයි.
අමාත්‍ය වසන්ත සමරසිංහගේ උත්සාහය අගමැතිනි හරිනි අමරසූරිය දුෂ්කරතාවන්ට පත්කර ඇය අසමත් තැනැත්තියක බව පෙන්වීම විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසයි.




