
පසුගිය රජයන් සමයේ සිටි ප්‍රබල දේශපාලනඥයන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් බහුතරයක් අයථා ආකාරයට උපයාගත් මුදල් සහ දේපළ වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් මිලදී ගැනීම සහ බැංකුවල තැන්පත් කිරීම නිසා ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන කිරීම බරපතළ ගැටලුවක් වී ඇති බව අයථා දේපළ විමර්ශන ඒකකයේ ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් මේ වනවිට මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ගැඹුරින් සොයා බලන බව එම ආරංචි මාර්ග පවසයි.
අයථා ආකාරයට මුදල් සහ දේපොළ ඉපයීම් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන සහ චාමර සම්පත් මහත්වරුන්ගෙන් ඉදිරි දිනවලදී ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව අයථා දේපොළ ඉපයීම් විමර්ශන ඒකකයේ ආරංචි මාර්ග පැවසීය.
මේ වනවිට හිටපු දේශපාලනඥයන් ආරක්ෂක අංශ ප්‍රධානී ඇතුළු ප්‍රබලයන් 26 දෙනෙකුගේ අයථා දේපොළ ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම දේශපාලනඥයන් ඇතුළු ප්‍රබලයන් සතු දේපොළ වෙනත් අයගේ නම්වලට ලබාගෙන ඇති දේපොළ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.




