
සුප්‍රීම් සැට් ආයතනය සම්බන්ධයෙන් සත්‍යය ඉදිරියේදී එලියට එනු ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්දා සුරවීර මහතා සඳහන් කරයි.
එම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම සඳහා ඩොලර් මිලියන දොළොස්දහසක මුදලක් වියදම් වී ඇති බවද හෙතෙම කියා සිටී.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් ඇති බවත් ඒ අනුව ඉදිරියේදී සත්‍ය එළිදරව් වනු ඇති බව පැවසූ එනිසා කලබල වීමේ වුවමනාවක් නැතැයි ද ඔහු කියා සිටියේය.
වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.




