
ශ්‍රී ලංකාවේ ආර්ථික අපේක්ෂාවන්, වේගයෙන් වෙනස් වන ගෝලීය ආර්ථික පරිසරය හේතුවෙන් වෙනස් වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාව හරහා පෙන්වා දෙයි.
මෙම වාර්තාවට අනුව, ලෝක වෙළෙඳපොළ තත්ත්වයන්හි සිදුවන ශීඝ්‍ර වෙනස්කම්, ගෝලීය ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතා සහ නැඟී එන භූ දේශපාලනික අර්බුද හේතුවෙන් ආර්ථිකයේ අනාගත දැක්ම කෙරෙහි බලපෑම් ඇති විය හැකිය.
මධ්‍යකාලීනව ශක්තිමත් ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම සහ එහි ප්රතිලාභ සමානාත්මතාවයෙන් යුතුව සියලු පාර්ශ්වයන්ට ලබා දීම සහතික කිරීම සඳහා, ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමඟ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද එහි වැඩිදුරටත් අවධාරණය කර ඇත.




