
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සෞඛ්‍ය සේවයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සහ අනෙකුත් සේවකයන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වීමේදී ප්‍රකාශයන් කිරීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පැවැත්වේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පියවර ගෙන ඇත.
වෛද්‍ය බෙල්ලන මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර ඇත්තේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල “කක්කුස්සි හෝදන්නන්” ලෙසත්, සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාමට පරිපූරක, අතුරු වෛද්‍ය සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල අවශ්‍ය නොවන බවත්ය.
මෙම ප්‍රකාශයන් වෘත්තීය සමිති සන්ධානයේ දැඩි විවේචනයට ලක්වී ඇත.
සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියට අනුව, මෙම චෝදනා සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත ලිඛිතව කරුණු පැහැදිලි කරන ලෙස වෛද්‍ය බෙල්ලනට දැනුම් දී ඇත.
නියමිත කාලය තුළදී කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, ඔහුට එරෙහිව වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශය සූදානමින් සිටින බවත් එම ලිපියේ සඳහන් වේ.




