
රාත්‍රී කාලයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධවනය වන දුර සහ කෙටි දුර බස් රථ ඇතුලු සියලුම වාහනවල රියදුරන්ගේ විඩාව නිවාගෙන මානසික යහපත් මට්ටමෙන් පවත්වාගෙන රිය ධාවනය කිරිමට නියමු ව්‍යාපෘතියක් (15) දින රාත්‍රියේ වටවල පොලිසිය ඉදිරිපිටදී සිදු කෙරිණ.
වටවල පොලිසියේ සියලුම නිළධාරින් එක්ව පොලිසිය ඉදිරිපිටින් ධාවනය වන වාහන නතර කර එම වාහනයේ රියදුරාව.
කොන්දොස්තරවරයා සහ මගීන්ව කැදවා තේ පැන් සංග්‍රහයක් ලබා දී එම රියදුරන්ගේ මානසිකත්වය යහපත් තත්වයක තබා ගැනිමට තේ පැන් සංග්‍රාහය බුක්ති විදින තෙක් හාස්‍ය රසය උපදවන කෙටි වීඩියෝපටද ප්‍රදර්ශණය කෙරිණ.
වාහනවල ගමන් ගන්නා මගීන්ට අවහිරයක් නොවන සේ සහ ප්‍රමාදවීමකින් තොරව කෙටි කාලයකින් තේ පැන් සංග්‍රහය ලබා දුන් අතර, වටවල පොලිසිය විසින් මෙම තේපැන් සංග්‍රහය ලබා දීම නිසා තම විඩාව පහව ගිය බවයි වාහනවල රියදුරන් කියා සිටියේ.
හැටන් කොළඹ සහ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ග අධික බෑවුම් සහ වංගු සහිත මාර්ග බැවින් එම මාර්ගවල වාහනය ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙසද රියදුරන්ට වටවල පොලිසියේ නිළධාරින් විසින් දැනුවත් කිරිමක්ද මෙයට සමගාමීව සිදු කෙරිණ.




