
මාතර තුඩාව ප්රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වූ දාහතර හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලික උපකාර පන්ති ගුරුවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 25වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
දෙදරු පියකු වන මෙම පුද්ගලයා 2023 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ පසුව අවලංගු කරන ලද පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මාතර මහනගර සභාවට තරග වැදීමට නාම යෝජනා භාරදී තිබින.
ඉකුත් 19දා සැකකරු විසින් මෙහෙයවන ඉංග්රීසි පන්තියකට මෙම දැරිය පැමිණි අවස්ථාවේ ලිංගික අතවරය සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.




