
විපක්ෂය නිසි ආකාරයෙන් රට පාලනය කර තිබුණේ නම් මෙරට මුල්‍ය ස්ථාරත්වයක් ඇතිකර තිබුණේ නම් හැමෝටම වාහන ගැනීමට හැකියාව තිබූ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය සඳහන් කරයි.
නමුත් එය පිළිගැනීමට පසෙකලා විපක්ෂය අද පසුබැසීමට කාරණාව ගැටළුවක් යයිද ඇය කියා සිටියාය.
ඇය මෙම අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුව අමතමිනි.
Vitz මෝටර් රථයක් ලක්ෂ දොළහකට දෙන බවට බලයට පවසා බලයට පැමිණි ආණ්ඩුව අද WagonR රථයක් රුපියල් ලක්ෂ 96 කටත් Alto රථයක් රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක් තරම් අධික යළ මිලකට පත් වන තෙක් සියයට 600ක් දක්වා බදු මුදල් පනවා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එල්ල කළ චෝදනාවෙන් පසු ඇය මෙම අදහස් පළ කළාය.




