
කච්චතීවු දූපත ශ්‍රී ලංකාවෙන් නැවත ලබාගන්නා ලෙස සුප්‍රකට දමිළ නළු තලපති විජේ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
තමිල්නාඩු ජන හමුවකදී ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත.
එහිදී ඔහුගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ තමිල්නාඩු ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කච්චතීවු දූපත යළි ඉන්දියාවට පවරා දෙන ලෙසයි.
විජේ මහතා වැඩිදුරටත් කියා සිටියේ 800කට අධික තමිල්නාඩු ධීවරයන් පිරිසකට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පහර දී ඇති බවත්, ඔවුන්ගේ බෝට්ටු හා දැල් විනාශ කර ඇති බවත්ය.
ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ක්ෂණික මැදිහත්වීමක් ඔහු අපේක්ෂා නොකරන බවත්, කච්චතීවු දූපත නැවත ලබා දීම පමණක් ප්‍රමාණවත් බවත් ඔහු අවධාරණය කළේය.
ඔහුගේ ප්‍රකාශයේ අවසානයේ, “ලෝක සිතියමෙන් ශ්‍රී ලංකාව නම් ස්ථානය අතුරුදහන් වනු ඇතැයි” යනුවෙන් යුත් දැඩි අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබේ.




