
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් සම්බන්ධයෙන් අලුත්ම වංචාවක් අල්ලස් දූෂණ විමර්ශන කොමිසම හෙළි කර තිබෙනවා. වාර්තා අනුව, රුපියල් 50,000ක වටිනා ශල්‍ය උපකරණයක් රු. 175,000ක මිලකට රෝගීන්ට විකිණීම සදහා ඇය විසින් පෞද්ගලික ආයතනයක් හරහා සැලසුම් කර තිබේ.
අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ ඉදිරිපත් කළ සනාථ තොරතුරු වලින් අනාවරණය වූයේ, මියගිය රෝගීන්ට පවා මොළයේ සැත්කම් සිදුකර තිබීමයි. මරණ පරීක්ෂණවලට අනුව, මොළය මියගිය දින 5කට පසුව හදවත යන්ත්‍රයක් මගින් ක්‍රියාත්මක කරමින් සැත්කම් සිදුකර ඇති බවද කොමිසම සඳහන් කළාය.
අදාළ වංචාවේ සම්පූර්ණ වාර්තාව
වෛද්‍යවරිය විසින් පිහිටුවා ඇති ආයතනය මගින් රෝගීන්ට ශල්‍ය උපකරණ ලබාදී ඇත
රෝහල් ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් රෝගීන්ට අධික මුදලට උපකරණ ලබාදී ඇත
මෙම ක්‍රියාවලියෙන් රෝගීන්ට රුපියල් කෝටි 3කට අධික ආර්ථික පාඩුවක් සිදුවී ඇත
මෙම වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුවේ භාරව සිටි වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න, වෛද්‍යවරියගේ ආයතනයේ සේවය කළ නිමල් රන්ජිත් සහ රෝහලේ කළමනාකාර සහකාර ඉන්දික ලියනගේ යන තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරයට යොමු කර තිබේ.
මෙතෙක් හෙළිවූ තවත් කරුණු:
වෛද්‍යවරියගේ ආයතනය මගින් රෝගීන් 300කට ආසන්න පිරිසකට උපකරණ විකිණී ඇත
මෙතෙක් 77 දෙනෙකුගේ පාඩු වාර්තා වී ඇති අතර තවත් 92 දෙනෙකු අල්ලස් කොමිසමට දුරකථනයෙන් පැමිණිලි කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විශාල මහජන අවධානයක් යොමුව ඇති අතර, සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාලතම අල්ලස් වංචාවලින් එකක් ලෙස මෙය සැලකේ.




