
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී උපකාර කළ සැමට හෘදයාංගම ස්තුතිය පිරිනමන බව පිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් අද පැවසීය.
මා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී මා වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනාට මගේ ස්තුතිය පිරිනමමි. පසුවට දිනක මා ඔබ මුණගැසීමට බලාපොරොත්තු වෙමි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
යළි යළිත් මා ඔබට ස්තූති කරනවා යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වන විට නිවසේ විවේකයෙන් කල් ගෙවයි.




