
මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කැඳවීමට නියමිත බවට වාර්තා පළ වේ.
මෙම කැඳවීම සිදු කෙරෙන්නේ, ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහාය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානය රජයේ මුදල් යොදවා සංවර්ධනය කළ බවට එම පැමිණිල්ලෙන් චෝදනා එල්ල වී තිබේ.
අමාත්‍ය ධුරයක් දරන සමයේදී මෙම සිදුවීම සිදුව ඇති බවට වාර්තා වේ.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් සදහන් කරන්නේ මේ වන තෙක් අල්ලස් කොමිසමෙන් එවන් කැඳවීමක් ලැබී නැති බවය.




