
තරුණ ශ්‍රී ලාංකික යාන්ත්‍රික ඉංජිනේරුවරියක් වන මෙරිෂා ෆොන්සේකා, එයාර්බස් ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට නිල වශයෙන් එක්වී තිබේ. ඇය දැන් විචිටා, ඇමරිකාවේ පිහිටි එයාර්බස් ඉංජිනේරු මධ්‍යස්ථානයේ single-aisle wing නිර්මාණ කණ්ඩායමේ අත්‍යවශ්‍ය සාමාජිකාවක් ලෙස කටයුතු කරයි.
මෙරිෂාගේ මෙම ව්‍යාපෘතිය, ලෝකයේ අති සංකීර්ණ හා නව්‍යතම ගුවන් තාක්ෂණ වැඩසටහන්වලින් එකක් වන අතර, එයාර්බස් සමාගම විසින්ම මෙය නිලවශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. එයාර්බස් විචිටා ඉංජිනේරු කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් පමණක් 15%ක් කාන්තා ඉංජිනේරුවන් වන අතර, මෙරිෂාගේ ඇතුළත් වීම සෘජුවම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වර්ධනය කරනු ලබන සංකේතයකි.
මෙරිෂාගේ ඉංජිනේරු ගමන ආරම්භ වී ඇත්තේ විචිටා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියදීය. 2023 දී, ඇය සීමා වාසිකයෙකු ලෙසින් එයාර්බස් එක්වී, පසුව පූර්ණ කාලීන ඉංජිනේරුවරියක් ලෙස දියුණුවී ඇත. ඇය පවුලේ පළමු විශ්ව විද්‍යාල උපාධිධාරිනිය වන අතර, මෙම ජයග්‍රහණය ඇගේ පෞද්ගලික ජීවිතයටද දැවැන්ත බලපෑමක් ඇති කර තිබේ.
මෙරිෂා ෆොන්සේකාගේ මෙම ජාත්‍යන්තර සාර්ථකත්වය, ශ්‍රී ලාංකික තරුණ තාක්ෂණවේදීන් සඳහා අලුත් ආලෝකයක් වී ඇත. ඇගේ කැපවීම, අධිෂ්ඨානය සහ වෙහෙස මහන්සි වීම, ගෝලීය වේදිකාවක දී ශ්‍රී ලංකාවේ නම දිලිසෙන්නට හේතු වී ඇත.