
හිටපු ජනාධිපතිවරුන්ගෙන් පවරා ගනු ලැබූ නිවාස ඉදිරියේදී රජයේ කාර්යාල සහ ආදායම් උත්පාදන කාර්යයන් වෙනුවෙන් යොදවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියා.
එම ගොඩනැගිලි ආර්ථික වශයෙන් ඵලදායී ලෙස යොදා ගන්නේ කෙසේද යන කාරණය පිළිබඳව ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය විසින් තීරණයක් ගනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ බදු මුදලින් නඩත්තු වන දේපොළ ඵලදායී ආයෝජන සඳහා යොමු කර එහි ප්රතිලාභ පෙරළා ජනතාවටම ලබාදීම රජයේ අරමුණ බව ද අමාත්‍යවරයා කීය.
ආර්ථික වශයෙන් ඉතා වැදගත් ස්ථාන වල පිහිටි එම නිවාස එක පවුලක සුඛ විහරණය වෙනුවෙන් ලබා දෙනු වෙනුවට සමස්ත රට වැසියන්ටම ප්රතිලාභ ගලා පොදු කටයුතු වෙනුවෙන් යෙදවීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා කීය.
හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ජාතික ජන බලවේග ජන වරමේ ම කොටසක් යැයිද අමාත්‍යාවරයා වැඩිදුරටත් පැවසීය




