
රජයේ ප්‍රධාන කාර්යභාරය ව්‍යාපාර කටයුතුවල නිරත වීම නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.
සමහරු රජය ව්‍යාපාර කළ යුතු බවට අදහස් පළ කළද, ආණ්ඩුවක් විසින් ව්‍යාපාර කිරීම ප්‍රායෝගිකව යථාර්ථයක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අමාත්‍ය හඳුන්නෙත්ති මහතාට අනුව, ආණ්ඩුවේ සැබෑ කාර්යය වන්නේ ව්‍යාපාර කරන අයට අවශ්‍ය පහසුකම් සැලසීමයි.
රජයක කාර්යභාරයට බදු ප්‍රතිපත්ති තීරණය කිරීම, තාක්ෂණික සහ මූල්‍ය පහසුකම් සැපයීම මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට ඇති ගැටළු විසඳීමද ඇතුළත් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ආණ්ඩුවක මූලික අවධානය යොමු විය යුත්තේ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම සහ එය නඩත්තු කිරීම මිස සෘජුවම ව්‍යාපාර මෙහෙයවීම නොවන බව ඔහුගේ අදහසයි.
උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.




