
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි විජේරාම නිල නිවසේ සිට ඉවත් වීමත් සමඟම, ඔහුගේ සමීප දේශපාලන මිතුරන් කිහිප දෙනෙක් ඔහුට පදිංචිය සඳහා නිවාස ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.
මෙම පියවරට මූලික හේතුව වී ඇත්තේ, ඉදිරි දේශපාලන කටයුතු සාර්ථක කර ගැනීමට නම් ඔහු කොළඹ නගරයේම රැඳී සිටීම අවශ්‍ය බව අදහස වීමයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
කෙසේ වෙතත්, තවමත් මෙම නිවාස අතරින් සුදුසුම නිවස තෝරාගෙන නැත.
නිවසක් තෝරා ගැනීමේදී එහි ආරක්ෂක නිලධාරීන් සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් තිබීම සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන ආකාරයෙන් වාහන නැවැත්වීමේ පහසුකම් පැවතීම වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇති බව ද වාර්තා වේ.




