
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සගයන් පොලිස් විමර්ශන කණ්ඩායම්වලට දැන් අනාවරණය කරන වැදගත් තොරතුරු අනුව ඉදිරි දින කීපය ඇතුළත තවත් පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සගයන්ගේ හිතුවතුන් පොලිස් භාරයට පත්වෙන අවස්ථාවලදී ඔවුන් නිදහස් කරගැනීම සඳහා ඇතැම් පොලිස් නිලධාරීන් පවා සහය ඉල්ලා ඇති බවද පොලිස් විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබී තිබේ.
මෙම අපරාධකරුවන් සමග හිතවත්කම් පවත්වාගෙන ගිය පුද්ගලයන් රටින් පැන යෑමට උත්සාහ දැරුවත් ඒ පිළිබඳව ආගමික හා විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවද පොලිසිය කියයි.




