
චෝදනා හේතුවෙන් සේවයෙන් පහ කිරීමට නියමිතව සිටි විනිසුරුවරුන් පිරිසක්, එවැන්නක් සිදු වීමට පෙර සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඔවුන් මෙලෙස තීරණය කර ඇත්තේ, සේවයෙන් පහ කිරීමෙන් පසු නැවත නීතිඥ වෘත්තියේ නිරත වීම ගැටලු සහගත විය හැකි නිසාවෙනි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මීට පෙර අධිකරණ සේවා කොමිසමට ලැබුණු පැමිණිලිවලට අදාළව සිදුකළ පුළුල් විමර්ශනවලින් අනතුරුව, මහේස්ත්රාත්වරුන්, දිසා සහ අතිරේක දිසා විනිසුරුවරුන් කිහිප දෙනෙකුගේම සේවය තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර, පසුගිය සතියේදී මහාධිකරණ විනිසුරුවරයකුගේද සේවය අත්හිටුවන ලදි.
මීට පෙරද චෝදනාවක් හේතුවෙන් මතුගම මහේස්ත්රාත්වරියක් සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.




