
ජාතික ජනබලවේගය සාමාජිකයන්ට පෞද්ගලිකව කොපමණ මුදල් තිබුණත් ඒවා දේශපාලන කටයුතු සඳහා යොදා නොගන්නා බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
ඔහුට අනුව මැතිවරණ හා වෙනත් දේශපාලන කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් සපයන්නේ පක්ෂය හෝ ඊට සහය දෙන ජනතාව විසිනි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මනුවර්ණ මහතා අවධාරණය කළේ, මෙම ප්‍රතිපත්තිය තමන්ට මෙන්ම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, වසන්ත සමරසිංහ සහ හරිනි අමරසූරිය ඇතුළු සියලුම දෙනාට පොදු බවයි.
පක්ෂයේ ප්‍රතිපත්තිය වන්නේ කිසිවකු හෝ තම පෞද්ගලික ධනය දේශපාලනය සඳහා වැය නොකළ යුතු බව බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.




