
අපේ කඳවුරු දෙක දේශපාලනයේදී එක වරදක් කළ බවට දැන් පිළිගත යුතුව තිබෙනවා යැයි පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂ සංවත්සර උළෙලේදී අද (20) පැවසීය.
රටට නිදහස ලැබුණු දා පටන් වසර 76ක කාලයේ මේ රට පාලනය කළේ එක්කෝ ඔබේ හෝ අපේ කඳවුර. ඒ කාලයේ රට විශාල අලුත් තලයකට ගෙන එන්න ඒ කඳවුරු දෙකටම හැකියාව ලැබුණා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
දේශපාලනයේ අවංක අය මෙන්ම අවංක නැති අයත් ඉන්නවා. අපි කිසිම සාධකයක් නැතුව විරුද්ධවාදීන්ට හොරා යැයි ඇඟිල්ල දිගු කළ අවස්ථා තිබුණා.ඒ වරද කරන්න අප එක කණ්ඩායමක් පාවිච්චි කළා. ඒ රටට කිසිම සේවයක් නොකළ රටට විනාශයක්ම කළ කණ්ඩායමයි.අවසානයේ මිනිසුන් මේ දෙගොල්ලාම හොරු,හොඳ මිනිසුන් මේ අය යැයි කල්පනා කළා. ඒක අපිම කර ගත් වරදක් යනුවෙන්ද සාගර කාරියවසම් මහතා කීය.




