
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සැලකිය යුතු සංවාදයක් නිර්මාණය වී ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වූයේ, “දූෂණයට එරෙහි සටන භයානක වුවත්, ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයි” යන්නයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම අදහස, රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ මහතා විසින් 2019 වසරේදී දූෂණ විරෝධී දේශනා සමුළුවකදී සිදු කරන ලද ප්‍රසිද්ධ කියමනක් බවයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සිය කතාවේදී මෙම ප්‍රකාශය උපුටා ගැනීමක් බවට සඳහන් නොකිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වී තිබේ. ක්‍රියාකාරීන්ගේ අදහස වී ඇත්තේ, මෙම කියමන වෙනත් රාජ්‍ය නායකයෙකුගේ ප්‍රකාශයක් බව විධිමත් ලෙස පිළිගැනීම වඩාත් වගකීම් සහගත හා යෝග්‍ය ක්‍රියාවක් බවයි.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයේ අන්තර්ගතය සහ එහි මූලාශ්‍රය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේ වන විටත් පුළුල් ලෙස අදහස් හුවමාරු වෙමින් පවතී.




