
ලංකා විදුලි බල මණ්ඩලය සඳහා රුපියල් බිලියන 33.5 ක ණය පහසුකමක් මෙරට බලපත්‍රලාභී පෞද්ගලික වාණිජ බැංකු තුනක් විසින් ලබා දී ඇත.
මෙම මූල්‍ය ආධාරය සපයා ඇත්තේ සම්පත් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ පෑන් ඒෂියා බැංකුව එක්වීමෙනි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
බැංකු ප්‍රකාශ කරන්නේ මෙම ණය මුදල මගින් ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට සහ එහි දෛනික මෙහෙයුම් පවත්වාගෙන යාමට සහයෝගය ලැබෙන බවයි.
එසේම, අඛණ්ඩව සහ විශ්වාසනීය ලෙස විදුලිය සැපයීම සහතික කිරීම මෙහි තවත් අරමුණක් බවද ඔවුන් සඳහන් කරයි.




