
ප්‍රංශ අපරාධ අධිකරණය විසින් එරට හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි මහතාට වසර පහක සිර දඬුවමක් නියම කර ඇත.
ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ, ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබා ගැනීමේ චෝදනාවට ඔහු වරදකරු වූ බවයි. මෙම මුදල් 2007 ජනාධිපතිවරණයට යෙදවූ බවට චෝදනා එල්ල වී තිබුණි.
කෙසේ වෙතත්, නීතිවිරෝධී අයුරින් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා මුදල් සැපයීම ඇතුළු මෙම නඩුවේ අනෙකුත් සියලු චෝදනාවලින් සාකෝසි නිදහස ලැබූ බව පැවසේ.
අභියාචනයක් ඉදිරිපත් කළද, එය විභාග වන තුරු හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ගයක් මගින් දඬුවම අත්හිටුවන තුරු, සාකෝසිට සිර දඬුවම විඳීමට සිදුවනු ඇත.
වර්තමානයේ 70 හැවිරිදි වන නිකොලස් සාකෝසි මහතා, 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.




