
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී යාපනයේ කන්කසන්තුරෙයි ප්‍රදේශයේ ‘ජනාධිපති මන්දිරය’ ඉදිකිරීම ආරම්භ කරනු ලැබුවේ එම ඉඩම සම්පූර්ණයෙන් නීත්‍යනුකූලව අත්පත් කර ගැනීමට පෙර බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එල්.බී. කුමුදු ලාල් මහතා කියා සිටියේ, ඉඩම සම්පූර්ණ අයිතිය අත්පත් කර ගැනීමේ නීතිමය ක්‍රියාවලිය තවමත් සිදුවෙමින් පවතින අතර, එහිදී නිවාස පහකින් සමන්විත දේපළ සංවර්ධනය කර ඇති බවයි.
“‘ජනාධිපති මන්දිරය’ ඉදිකර ඇත්තේ නීතිමය කටයුතු අවසන් කිරීමට පෙරයි. මේ වනවිට ඉතිරි නීතිමය කටයුතු සිදු කරමින් පවතී,” යැයි ලාල් මහතා පැවසීය.
ඉඩමේ හිමිකාරිත්වයට අදාල ආරවුල් 2025 අවසානය වන විට සම්පූර්ණයෙන් විසඳනු ඇතැයි ඔහු තවදුරටත් සදහන් කළේය.
අදාළ නීතිමය ක්‍රියාවලිය අවසන් වූ පසු, එම දේපළ ආයෝජකයන් වෙත විවෘත කරමින් ප්‍රදේශයට වැඩි වටිනාකමක් එක් කළ හැකි නව ව්‍යාපෘතියකට යොදා ගැනීමට සැලසුම් කර තිබේ.
අක්කර 30ක් පුරා විහිදී ඇති ‘යාපනය ජනාධිපති මන්දිරය’ සඳහා අක්කර 15කට ආසන්න භූමි ප්‍රමාණයක ගොඩනැගිලි ඉදිකර ඇත.
ශ්‍රී ලංකා හමුදාව විසින් 2010 සිට 2015 දක්වා කාලය තුළ ඉදිකරනු ලැබූ මෙම ව්‍යාපෘතියට රජයෙන් රුපියල් බිලියන 3.5ක් පමණ වැය වී ඇති බවද වාර්තා වේ.
නමුත් නීතිමය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තවමත් අවසන් වී නැති අතර, ඉදිරි වසරකින් එය අවසන් කර මහජන අවශ්‍යතා සපුරාලන අයුරින් ඉඩම නැවත සංවර්ධනය කිරීමට යෝජනා යටතේ තිබේ.