
කතරගම, වෙහෙරගල වැව ආශ්රිතව සිදු කළ මෙහෙයුමකදී මහා පරිමාණ යුධ උපකරණ තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙම ආයුධ තොගය අතරට T 56 වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා වන මැගසින් 74ක් ද, T56 LMG වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා වන මැගසින් 36ක් ද, T 81 ඇතුළු තවත් හඳුනා නොගත් වර්ග කිහිපයක මැගසින් ද අන්තර්ගත වේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මීට අමතරව, එහිදී පතරොම්වලින් පිරුණු බවට සැක කෙරෙන පෙට්ටි දෙකක් සහ ආයුධ අඩංගු බවට සැක කළ හැකි ගෝනි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් ක්රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් ප්රකාශ කරයි.




