
හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බොරැල්ල පිහිටි නිවසේ විදුලි සෝපානයක සිරවීමෙන් එහි ගෘහ සේවිකාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
බොරැල්ල පොලීසිය කියා සිටින බවට අනුව වයස අවුරුදු 68ක් වූ කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇත.
නිවසට පිටත පිහිටි විදුලි සෝපානය භාවිතා කරමින් බිම් මහලෙන් ඉහළ මහලට ගමන් කරමින් සිටියදී හිස පිටතට දමාගෙන යාමෙන් කොන්ක්‍රීට් කණුවකට හිස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව අනාවරණය වී ඇත.




