
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.
පසුගිය මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීම අවලංගු කරන ලෙස රාජිත සේනාරත්න තම පෙත්සමෙන් ඉල්ලා සිටියේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අද (30) නඩුව විභාග කළ විට, දෙපාර්ශවයේම ඉදිරිපත් කිරීම් සමාලෝචනය කිරීමෙන් පසු පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය සිය තීන්දුව නිකුත් කළේය.




