
රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන වාසි තකා මහජන මතය වෙනතකට යොමු කිරීමට විවිධ සටකපට උත්සාහ දරමින් සිටින්නේ යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.
හිටපු යහපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව රාජපක්ෂවරුන් ඉලක්ක කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බවද ඔහු සඳහන් කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
තජුඩින්ගේ නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ලවා බොරු සාක්ෂි කියවීමට එදා හිටපු නිලධාරීන් කටයුතු කළ බව පැවසූ රාජපක්ෂ මහතා එම නිලධාරීන්ම අද ඉහළ පුටුවල වාඩි වී සිටින බවද සදහන් කළේය.




