
අර්ජුන් මහේන්ද්‍රන්ගේ පාස්පෝට් එක 2017 වසරේදී කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස නිදහස් කළේ කවුදැයි රංග දිසානායක ප්‍රකාශ කළ යුතු බව නව ජනතා පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (8) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, 2017 වසරේ සිදුවූ මේ රටේ විශාලතම වංචාව වූයේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැංකු හොරකම බවත්, එම අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන්ගේ පාස්පෝට් එක නිදහස් කළේ කවුද යන්න රංග දිසානායක මහතා පැහැදිලි කළ යුතු බවත්ය.

ඔහු තවත් සඳහන් කළේ, “පිරිසිදු නම් හැමෝම පිරිසිදු වෙලා කතා කරන්න ඕන. තනතුරු දරන අය පිරිසිදුව ඉන්න ඕන. අනිත් අයට ඇඟිල්ල දික් කිරීමට පෙර, තමන් පිරිසිදු බව පෙන්විය යුතුය” යනුවෙනි.
චාමර සම්පත් දසනායක මහතා අවසාන වශයෙන් කියා සිටියේ, තමන්ට එරෙහිව නඩු තිබුණද ඒවා ගැන භය නොමැති බවත්, රටේ ජනතාව සත්‍යය දැනගත යුතු බවත්ය.




