
2021 සිට 2024 වසර දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වත්කම් රුපියල් කෝටි 3902ක් රජය සතු කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔහු තවත් සඳහන් කළේ, 2024 ජනවාරි 1 සිට මේ දක්වා රුපියල් කෝටි 63ක වත්කම් ක්‍රියා විරහිත තත්ත්වයට පත් කර ඇති බවත්, එම දේපළ රජය සතු කර ගැනීම සඳහා කටයුතු සිදුවෙමින් පවතින බවත්ය.
මෙම වත්කම් අතර රත්‍රං පවුම් 354ක්, මෝටර් රථ 72ක්, සුඛෝපභෝගී නිවාස 35ක්, අක්කර 37ක භූමි හා රුපියල් හැට හත් කෝටියක මුදලක්ද ඇතුළත් බව වුට්ලර් මහතා සඳහන් කළේය.




