
කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවති සාකච්ඡාවකදී තමන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මත්පැන් නිශ්පාදනාගාර බලපත්‍රයක් ලබාදීමේ ඩීල් එකකට සම්බන්ධ වූ බවට පලවන වාර්තා අසත්‍ය බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.
රටේ ආර්ථිකයට ආයෝජකයින් සම්බන්ධ කරගැනීම හා ඔවුන් නිවැරදිව රජය හා සම්බන්ධ කරවීම තම වගකීමක් හා යුතුකමක් ලෙස සලකන බවද හෙතෙම කියා සිටී.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම චෝදනා එල්ල කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග ගැනීමට දෙවරක් නොසිතන බවත් ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළ කරමින් කියා සිටී.
ඔහු මෙම අදහස් පල කර ඇත්තේ හිටපු පලාත් සභා මන්ත්‍රී වරුන රාජපක්ෂ මහතා තම සමාජ ජාල ගිණුමේ පල කර තිබූ වීඩියෝවක හෙලිදරව්වකට ප්‍රතිචාර ලෙසයි.




