
රටේ ඇමරිකානු ඩොලර් කෝටි 600ක වත්කම් වලට වෙච්ච දෙයක් නොමැති බවත් කවුරුන් හෝ ඒවා අත්පත් කරගෙන ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය කොළඹදී අද විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ව්‍යාපෘති ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් ලබා ගෙන තිබුණත් වත්කම් තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 2 කටත් අඩුවෙන් බවද ඔහු කීවේය.
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත හරහා සංවිධානාත්මක අපරාධ මත්ද්‍රව්‍ය මැඩලීමට අවස්ථාව සැලසෙන බවද ඔහු සඳහන් කළේය.




