
සෙල්ලම් පිස්තෝලයක් රැගෙන අවිස්සාවේල්ල මහේස්ත්රාත් අධිකරණයට පැමිණි කාන්තාවක අවිස්සාවේල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
නෙටොල්පිටිය ප්රදේශයේ පදිංචිකාරිනියක වන ඇය අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටිම සඳහා එසේ පැමිණ තිබින.
අධිකරණයට ඇය පැමිණි අවස්ථාවේ එහි ප්රධාන දොරටුවේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරිනියක් විසින් අත්බෑගය පරීක්ෂා කරද්දී ඒ තුළ තිබී මෙම සෙල්ලම් පිස්තෝලය සොයාගෙන තිබේ.
මෙය අධිකරණය භූමියට රැගෙන ආවේ මන්දැයි හෙළිකර ගැනීම සඳහා පොලිසිය විමර්ශන කරමින් සිටී.




