
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නිදහස් මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්වීම සඳහා බඩු මුට්ටු ඉවත් කරගනිමින් සිටින්නීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවේ ඉකුත්දා සම්මත වූ අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ නිල නිවාස වලින් ඉවත්වීමට සිදුවිය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අසනීප තත්ත්වය නිසා නිල නිවසින් ඉවත් වීමට නොවැම්බර් 30 දක්වා කල් ඉල්ලා තිබිණි.
නමුත් මේ දිනවල හිටපු ජනපතිනිය නිවසින් ඉවත්වීම සඳහා බඩු මුට්ටු ඉවත් කරමින් සිටින අතර ඉදිරි දින දෙක තුන ඇතුළත ඇය නිල නිවසින් ඉවත් වනු ඇතැයි ඇයගේ මාධ්‍ය අංශය සඳහන් කරය




