
ලබන වසරේ සිට අල හා ලූණු ගොවියාට අද ඇතිවී තිබෙන ගැටලු ඇති නොවීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ බී ළුණු නිෂ්පාදනය හතර ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් පැවසූ ඔහු සතොස මගින් බි ළුණු කිලෝ හැත්තෑ දහසකට වැඩි ප්‍රමාණයක් මිලට ගෙන ඇති බව සඳහන් කළේය.
එමෙන්ම පෞද්ගලික අංශයද විශාල වශයෙන් බී ළුනු මිලදීගෙන ඇති බවත් ඔහු කියා සිටියි.
මෙරට පරිභෝජනය සඳහා බී ලූණු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක් මාසික අවශ්‍ය වන බවත් පැවසූ ඔහු ගොවි ජනතාවට සහන ලබාදීම සඳහා මෙතෙක් පැවැති අනයනික බද්ධ රුපියල් 40 කින් ඉහළ දමා ඇති බව ද සඳහන් කළේය.




