
අනුරාධපුරය ප්රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළඹෙන 12 වනදා දක්වා රඳවාගෙන ප්රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සැකකරු අද (06) දහවල් අනුරාධපුර පොලීසිය විසින් තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
එහිදී අධිකරණය සැකකරු රඳවාගෙන ප්රශ්න කිරීම සඳහා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට මෙලෙස අවසර ලබාදී තිබේ.




