
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ස්ථාන හයක් ඉලක්ක කර සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සම්බන්ධව තොරතුරු අනාවරණ වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන 17 වැනි සියවසට අයත් රතු බලකොටුව ආසන්නයේ ගෙවුණු (10) පස්වරුවේදී සිදුකළ ප්‍රබල පිපිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් මඟින් මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සම්බන්ධව තොරතුරු අනාවරණ වී ඇත.
1992 වසරේ දී ඇතිවූ ආගමික කැරැල්ලක් අතරතුර අයෝධ්‍යා හි ඉදිකර තිබූ බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ සංවත්සරය එළැඹෙන දෙසැම්බර් හයවැනි දිනට යෙදී ඇත.
ඊට සමගාමීව බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ පළිගැනීමක් ලෙස නවදිල්ලි අගනුවර ස්ථාන හයකදී මෙම පිපිරීම් සිදුකිරීමේ සැලසුමක් තිබී ඇති බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම මඟින් ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.
මෙම සැලසුම් සකස්කර ඇත්තේ ‘ජයිෂ් ඊ මොහම්මද්’ නම් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම බව කියවේ.
මේ අතර දිල්ලි නගරයේ සිදුවූ ප්‍රහාරය ජාතික විරෝධී බලවේගය දියත් කළ ‘ත්‍රස්ත ක්‍රියාකාරකමක්’ බවට කැබිනට් මණ්ඩලය ඊයේ (12) පළමුවරට නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ප්‍රහාරයෙන් ගතවූ දින තුනක කාලය තුළ ඉන්දීය පොලීසිය කාශ්මීරයේ සිදුකළ වැටලීම්වලින් 500කට ආසන්න පිරිසක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුර සඳහන්ය.




