
කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු නව දෙනකු නිරීක්ෂණය කර අවශ්‍ය නියෝග ලබාදී තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ගණේමුල්ලේ සංජීව ඝාතනයට සහායදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥවරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු නව දෙනකු එලෙස නිරීක්ෂණය කර තිබේ.




