
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසූවේ කිසිදු අයුරකින් මාධ්‍යයට තොරතුරු වසන් නොකරන බවයි.

මාධ්‍යයට තොරතුරු දෙන යම් යම් සීමාවන් තිබෙන බවත්, “මාධ්‍යයට තොරතුරු දෙන්න එපායැයි පොලිස් චක්‍රලේඛනයක් නිකුත් කළ බවට චෝදනාවක් නැගුනා. අප මේ චක්රලේඛයෙන් පවසා තියෙන්නේ විමර්ශනයට බාධා වන ආකාරයෙන් තොරතුරු දෙන්න එපා කියන කාරණය පමණයි” යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
වැලිගම සභාපතිවරයා ඝාතන අවස්ථාවේ සමාජ මාධ්‍යයට නිකුත් කෙරුණු රූප රාමු පෙළක් පදනම් කර ගනිමින් පොලිස්පතිවරයා ඒ චක්‍රලේඛය නිකුත් කර තිබෙන බවත්, එය සාමාන්‍ය චක්‍රලේඛයක් බවත් ඔහු සඳහන් කළේය. ඊට පෙරත් චක්‍රලේඛ තුනක් නිකුත් කර තිබෙන බවත්, අනාගතයේදීත් එවැනි චක්‍රලේඛ නිකුත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
එයින් සිදු කරන්නේ මාධ්‍යයට තොරතුරු වසන් කිරීම නොවන බවත්, “විමර්ශන වලට බාධා වන අයුරින් තොරතුරු එළියට දීම තහනම් යන කාරණය පමණක් සඳහන් කර තිබෙනවා” යනුවෙන්ද අමාත්‍යවරයා කීය.




